අල්ලස් චෝදනාවකට වරදකරුවී වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා.
වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තාට මෙලෙස ජනාධිපති සමාව හිමිව ඇති අතර ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කර තිබෙනවා.
වරකාපොළ ප‍්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත‍්‍රාත්තුව ලබාදීම සඳහා කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණයනේ ඔහුට දඬුවම් නියම කර තිබුණා. එසේම එම දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර තිබුණා.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(ඇ) යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව අදාළ සභාපතිවරයා මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වුනේ.
ප්‍රාදේශීස සභා සභාපතිවරයෙකුට ජනපති සමාව
Reviewed by Nandi blogger
on
June 10, 2019
Rating:

No comments: