මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේදි සුළු ජාතියක් වූවද ලෝකයේම මහ ජාතිය බව සෑම දෙනාම දැන ගත යුතු යැයි හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා. නැගෙනහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මේ බව ප්‍රකාශ කළා.
එහිදි අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාරවරයා පැවසූවේ මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට නොහැකි බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිස්බුල්ලා
"එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි." යනුවෙන් ප්‍රකාශ කළා.
ලංකාවේ සුළු ජාතිය වුනාට අපි ලෝකයේම මහ ජාතිය
Reviewed by Nandi blogger
on
June 11, 2019
Rating:

No comments: