මේ විදිහට කොල්ලෝ පිස්සු වට්ටපු සායි පල්ලවී ගැනයි අපි දැන් ඔබට කියන්න හදන්නේ.සායි පල්ලවී ඉපදිලා තියෙන්නේ 1992 මැයි මාසේ 9වැනිදා.ඒ කියන්නේ මේ වෙනකොට ඇයට වයස අවුරුදු 27යි.
කිව්වට විශ්වාස කරන එකක් නැහැ, සායි පල්ලවී වෘත්තියෙන් වෛද්‍යවරියක්.ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “කොටාගිරි” කියන්නේ ඇය උපන් ගම. කොයොම්බතූර්වලින් අධ්‍යාපනය ලබන ඇය ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙනවා. ඒ වෛද්‍යවරියක් වීමේ හීනය හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන්.
ඉන්දියාවේ “ඩාන්සින් කින්” විදිහට අඳුන්වන අධ්‍යක්ෂකවරයෙක් වගේම රංගන ශිල්පියකු වන ප්‍රභූ දේවාගේ නර්තන රියලටි ෂෝ එකකට පල්ලවී සම්බන්ධ වෙන්නේ ඇගේ නර්ථන හීනය හැබෑ කරගන්න අරමුණින්.
“කස්තුරි මාන්” කියන චිත්‍රපටියෙන් හැමෝම අඳුනගන්න මේ “පිම්පල් කෙල්ල“ රඟපෑ චිත්‍රපටි කිහිපයකට ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගන්න සමත් වෙනවා.ඒ 2017 දී, “කාලි” කියන චිත්‍රපටිය වෙනුවෙන්, 2016 දී “ප්‍රේමම්” සහ 2018 දී ඒ කියන්නේ පසුගිය වසරේදී “ෆීඩා” කියන තෙළිඟු චිත්‍රපටිය වෙනුවෙනුත් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම හිමිකම් කියනවා.
ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයකින් ජනප්‍රිය වුණු පල්ලවීව ආයෙමත් අපිට මුණ ගැහෙන්නේ ද්‍රවිඩ චිත්‍රපටියකින්. ඒ තමයි මාරි 2.යූ ටියුබ් ට්‍රෙන්ඩින්වල ලංකාවෙත් ඉහළින්ම තිබ්බ මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය හැමෝම අතරේ පොඩි කාලයකින් ජනප්‍රිය වුණා.
දැනටමත් මේ චිත්‍රපටිය ආදායම් වාර්තා තබමින් තිරගත වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.මාරිගෙන් පස්සේ සායි පල්ලවි අපිට මුණ ගැහෙන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුවක් වුණු සූර්යා විසින් රඟදක්වන NGK චිත්‍රපටියෙන්.මේ පෙබරවාරි 14 වැනිදා, ඒ කියන්නේ වැලන්ටයින් දවසට ඒ චිත්‍රපටිය කළඑලි බහිනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
රවුඩි බේබී ගීතයෙන් හැමෝම අඳුරගත්ත සායි පල්ලවීගේ වතගොත මෙන්න
Reviewed by Nandi blogger
on
June 11, 2019
Rating:

No comments: