ෆිනෑන්ස් කරලා බස් එකක් අරන් නොමිලේ පාසල් සේවයට යෙදවූ අපේ කාලයේ සත්පුරුෂයෙක්


මිය ගිය සිය මවුපියන්ට සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් පිණිස නොමිලේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සේවයක් පවත්වාගෙන යන පුද්ගලයකු දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. සරත් කුමාර නමැති මෙම පුද්ගලයා දිනපතා නොමිලේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ බස් සේවයක් පවත්වාගෙන යනු ලබයි.

මේ පිළිබඳ අදහස් දක්වන දෙල්ඔළුව ප්‍රදේශයේ පදිංචි කේ. ඒ. සරත් වසන්ත මහතා

මම ඉගෙන ගත්ත පාසලට බස් රථයක් අරගෙන දෙන්න ඕනේ කියලා මට අදහසක් තිබුණා. ඒ අනුව මම ෆිනෑන්ස් කරලා බස් රථයක් අරගෙන මිය ගිය මගේ මවුපියන්ට හා යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පිණිස එම බස් රථය නොමිලේ පාසල් සේවයට යෙදෙව්වා.

සතියේ සෑම පාසල් දිනයකම උදෑසන 7.15ට හතරේ කණුවෙන් බස් රථය ආරම්භ කරනවා.

හවසට දෙල්ඔළුව කනිෂ්ඨ විදුහල ළඟින් නැවත හතරේ කණුව දක්වා බස් රථය ගමන් කරනවා. බස් රථය පිරෙන්න ළමයි ඉන්නවා.

ඒ වගේම ඉරිදාට දහම් පාසල් ළමයි නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව වසරකට සැරයක් මගේ වියදමින් සිරිපාදයේ හා කතරගම එක්කරගෙන යනවා.

මම මේ සියලු දේ කරන්නේ දැරණියගල දෙහිඕවිට මාර්ගයේ දෙල්ඔළුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාවෙන් ලැබෙන ආදායමෙන්.

මේ ආපනශාලාවේ තිබෙන්නේ එළවළු කෑම පමණයි. මේ හැම දෙයක්ම මං කරන්නේ හිතේ සතුටින්. අපි ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කෙරුවත් මේ සියලු දේ මැරෙන කොට දාලා යන්න වෙනවා. අපි කරපු හොඳ දෙයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ.

මගේ බලාපොරොත්තුව ‍දොර දෙකේ බස් රථයක් අරගෙන දෙහිඕවිට ඉඳලා දැරණියගලට පාසල් බස් රථයක් යොදවන්නයි.
ෆිනෑන්ස් කරලා බස් එකක් අරන් නොමිලේ පාසල් සේවයට යෙදවූ අපේ කාලයේ සත්පුරුෂයෙක් ෆිනෑන්ස් කරලා බස් එකක් අරන් නොමිලේ පාසල් සේවයට යෙදවූ අපේ කාලයේ සත්පුරුෂයෙක් Reviewed by Nandi blogger on June 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.