විවාහයක සාමන්‍ය සම්ප්‍රධාය තමයි ගැහැණියට වඩා පිරිමියා නිරන්තරයෙන්ම වයසින් වැඩි විය යුතුයි කියන එක. ඒ කෙහොම වුණත් ඇය පිරිමියාට වඩා කොතරම් වයසින් බාල විය යුතුද කියන එක ගැන නම් නිශ්චිත සම්මතයක් නැහැ. ඒ නිසා කෙල්ල කොල්ලට වඩා කොච්චර බාල වුණත් ඒ ගැන කව්රුත් කතාබහ කරන්නේ නැහැ. හැබැයි ඉතින් පිරිමි හිතක් වැඩිමල් ගැහැණු හිතක් ලග නතර වුණෝතින් ඔන්න ඒකනම් රටම හොල්ලන සමාජ මාතෘකාවක් වෙනවා. අපේ රටේ නම් මේ වගේ දෙයක් සති ගණන් මාස ගණන් කතා කරන්න තරමි මාතෘකාවක් වෙනවා.
ඒත් සැබෑ ආදරවන්තයන්ට කවදාවත් වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමාගේ පෙම්වතිය බාලද වැඩිමල්ද කියන නෙමෙයි ඇය ඔබට ආදරය කරවද නැද්ද කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ලෝකයේ ඉතාමත් ප්‍රබල චරිතත් වැඩිමහල් කාන්තාවන් විවාහ කර ගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.
ප්‍රංශ ජනපති එම්මානුඑල් මැක්‍රෝන්ගේ ආදරය, බිතාන්‍ය හැරී මේගන් ආදරයත් අන්න ඒ වගේ. මෑත කාලයේදී වඩාත්ම ජනප්‍රිය වුණේ ප්‍රියංකා සහ නික් ජෝනස්ගේ ආදරයයි. ඇය ඔහුට වඩා වසර දහයකින් වැඩිමහල් තරුණියකි. එමෙන්ම අයිශ්වර්යා සහ අභිෂේක්ගේ ආදරයත් එවැනි ආදරයකි. ඉතිං එවැනි ආදර කතාවලට තවත් නිදසුන් අවශ්‍ය වෙන්නේ නැහැ.
මෙන්න මේ විදහට ලෝකප්‍රකට වූ ආදර කතා වගේම ලංකාවෙත් මෙතෙක් වසන් වී තිබුණු ආදර කතා බොහෝමයක් තිබෙනවා. අපේ කලා ලෝකය තුළත් මෙවැනි ආදර කතා නැතුවාම නෙමෙයි. මේ වනවිට මොවුන්ගෙන් සමහරක් වෙන් වෙන්ව ජීවත් වුණත් කාලයක් ඔවුන් සැබෑම ආදරවන්තයන් ලෙස කාගෙත් ආදරය දිනා ගත්තා. මේ කියන්න යන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අක්කලාට පෙම් කළ, අක්කලා විවාහ කර ගත් මල්ලිලා ගැනයි.
පබෝධා සංදිපනී – සිදත් හරීන්ද්‍ර
පබෝධා සන්දීපනී කියන්නේ අපේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ඉතාමත් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිණයක්. හැමෝගෙම ආදරය දිනා ගත්ත පබෝධා විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. මේ අපූරු ආදරයට වැඩිහිටියන්ගෙන් බලපෑම් එල්ල නොවුණාමත් නොවෙයි. කෙහොම නමුත් මේ වෙද්දී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පබෝධා පුංචි පුතෙකුගේ මවක්ද වනවා. ඇය පවසන විදිහට ඇගේ සැමියා ඇයට වඩා වසර තුනකින් බාලයි ඔවුන් විවාහ වෙලා තියෙන්නේ 2012 වසරේදී. වයස භාධාවක් නොවූ පබෝධගේ ආදරයට වගේම විවාහයට මේ වෙද්දී හැමෝගෙම ආශිර්වාදය ලැබිලා ඉවරයි.
දිනේෂ් තරංග – රැන්ඩෙලා මාරිස්
දිනේෂ් තරංග කියන්නේ රියලිටි වැඩසටහනකින් ගායන ලොවට පිවිසි දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම මේ වනවිට ඔහු විවාහක පුද්ගලයකුදවනවා. ආදරණිය දියණියකගේ පියෙකු වූ දිනේෂ් විවාහ සිටින්නේ තමාට වඩා අවුරුදු 9යකින් වැඩිමහල් වූ කාන්තාවක සමගයි. මේවනවිට දිනේෂ්ගේ වයම අවුරුදු 28යි. හැමෝටම ප්‍රශ්නයක් වුණු දිනේෂගේ බිරිදගේ වයස කවදාවත් ඔහුට නම් ප්‍රශ්නයක් වුනේ නැහැ කියලා තමයි දිනේෂ් නම් කියන්නේ.
නිල්මිණි සහ මධුමාධව කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි කලා ශිල්පීන් දෙපළක්. මේ වනවිට නීතියෙන් වෙන්ව ජීවත් වුණත් මොවුන්ගේ ආදරයට කාලයක් මුලු රටක්ම ආදරය කළා. අපිට දැන ගන්න ලැබුණු විදිහට නම් නිල්මිණි මධු මාදවට වඩා අවුරුදු 8ක් වැඩිමහල් වනවා. ආදරනිය දියණියකගේද මවක සහ පියකු වුණු මේ ආදරණිය යුවළ 2000 වසරේදී දික්කසාද වෙනවා.
මාලනී සහ ලකී ඩයස් කියන්නේ අපේ සිනමාවේ එක් යුගයක් නියෝජනය කළ ජ්‍යෙෂ්ට කලා ශිල්පීන් දෙපළක්. අදවනවිට වෙන් වෙන්ව ජීවත් වුණත් කාලයක් සිනමාව තුළදී වගේම සැබෑ ජීවිතය තුළදීත්මොවුන ආදරවන්තයන් බවට පත්වුණා. එමෙන්ම අඹු සැමියන් බවටත් පත් වුණා. අපිට දැන ගන්න ලැබුණු විදිහට මාලනී ෆොන්සේකා මහත්මියට වඩා ලකී ඩයස් සහත්මා වසර අවුරුදු 4කින් ලාබාල වනවා. මොවුන් විවාහ වී තිබෙන්නේ 1986 වසරේදී. මේවනවිට නීතියෙන් වෙන්වුණත් ලකී සහ මාලනී ආදරයටත් එවකට රසිකයන් බොහෝ සෙයින්ම ආදරය කළා.
ඉතිං මේ ආදර කතාවලින් සමහරක් අද වෙද්දී බිදී ගොස් තිබුණත් ආදරයක් ඇති වෙන්න කවදාවත් වයස බලපාන්නේ නෑ කියන එක මේ සියළු දෙනාම ඔප්පු කර තිබෙනවා. ඒ වගේම තමයි මේ සටහන තැබීමෙන් මේ ගෞරවනීය කලාකරුවන් කිසි විටෙකත් අපහසුතාවයට පත් කිරීමට හෝ අපහාසයට ලක්කීරීමට කටයුතු නොකළ බවටත් සඳහන් කළ යුතුමයි.
අක්කලාව විවාහ කර ගත් ලංකාවේ මල්ලිලා සෙට් එක මෙන්න
Reviewed by Nandi blogger
on
June 11, 2019
Rating:

No comments: