ජනාධිපතිවරණයට එජාපයේ සුදුසුම අපේක්ෂකයා කිරිඇල්ල බවට ප්‍රකාශයක්


අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් කිසිසේත් ඉවත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව කථානායකවරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ, කථානායකවරයාට අද ලිපියක් යොමු කර තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිිතුරු ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සුදුසු බවයි.
ජනාධිපතිවරණයට එජාපයේ සුදුසුම අපේක්ෂකයා කිරිඇල්ල බවට ප්‍රකාශයක් ජනාධිපතිවරණයට එජාපයේ සුදුසුම අපේක්ෂකයා කිරිඇල්ල බවට ප්‍රකාශයක් Reviewed by Nandi blogger on June 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.