පාන් ගෙඩියක් ඩොලර් ට්‍රිලියන 100යි.. බඩු ගන්න මිනිස්සු කරත්තෙන් සල්ලි අරන් යන සිම්බාබ්වේ


කලින් රොඩේෂියාව නමින් හැඳින්වූ zimbabwe 1980 වර්ෂයේදී zimbabwe dollar හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe ඩොලර් එකකට සමාන අනුපාතයෙනි. නමුත් දූෂිත පාලනය හමුවේ හටගත් අධි උද්ධමනය හේතුවෙන් ඇදහිය නොහැකි ලෙස කඩාවැටුණු සිම්බාබ්වේ ඩොලර අගය 2009 වනවිට ඇමරිකානු ඩොලරයට හුවමාරුවන අනුපාතය වූයේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe dollar බිලියන 250 කටත් වඩා වැඩි අගයකිනි.

එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට කරත්තයක මුදල් ගෙනයාමට zimbabwe වැසියන්ට සිදු විය. කිහිප වරක්ම zimbabwe 100000 ඩොලර් එකකට අඩුකලද මුදලේ අගය කඩා වැටීම පාලනය කරගත නොහැකි වූ zimbabaya රාජ්‍යය දෙදහස් නවයේ දී ඔවුන්ගේ මුදල් ඒකකය අතහැර දමන ලදී. දැන් ඔවුන්ගේ රටේ භාවිතා වෙන්නේ වෙනත් රටවල් කිහිපයක මුදල් වන අතර 2016 වනතුරු සිම්බාබ්වේ මුදල් ඇති ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුදල් ඇමෙරිකානු ඩොලර් වලට හුවමාරු කිරීමට අවස්ථාව තිබුණි. 2015 දී එම ගණුම්වල මුදල ඇමෙරිකානු ඩොලර් වලට හැරවීමේ අනුපාතය වූයේ 1 USD = 35000000000000000 Zimbabwe dollars




පාන් ගෙඩියක් ඩොලර් ට්‍රිලියන 100යි.. බඩු ගන්න මිනිස්සු කරත්තෙන් සල්ලි අරන් යන සිම්බාබ්වේ පාන් ගෙඩියක් ඩොලර් ට්‍රිලියන 100යි.. බඩු ගන්න මිනිස්සු කරත්තෙන් සල්ලි අරන් යන සිම්බාබ්වේ Reviewed by Nandi blogger on June 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.