අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ඉහලට


මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. එහෙත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ.

පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද උත්සව සමය හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන සළසනු සඳහා දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව එම මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත්   එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ඉහලට අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ඉහලට Reviewed by Nandi blogger on June 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.